28.3 C
Colombo
Friday, December 20, 2024

ආදම්ගේ පාලමේ කතාව සිනමාවට නැගේ

- Advertisement -

Housefull 4 චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග පසුගිය වසරේදී දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ආක්ෂේ කුමාර් තම නවතම චිත්‍රපටය පිළිබදව ඔහුගේ Instagram ගිණුමේ පලකර තිබෙනවා. එය රාම් සේතු ලෙස නම් කර ඇති අතර එය අභිෂේක් ෂර්මා විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
ඉතා ආකර්ශනීය පෝස්ටරයක් චිත්‍රපටය වෙනුවෙන් නිමවා ඇති අතර ඊට අනුව ආක්ෂේ කුමාර් පුරාවිද්‍යාඥයෙක් ලෙස චිත්‍රපටයේ පෙනී සිටින බවයි වාර්තා වන්නේ. ඔහු පාලමක් දිගේ ගමන් කරමින් සිටින අතර පසුබිමින් ඉන්දියන් සාගරයට ඉහළින් රාමායනයේ එන රාම කුමරුන් දිස්වනවා.

රාම් සේතු යනු ආදම්ගේ පාලමට කියන තවත් නමකි. ආදම්ගේ පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිණිකොනදිග වෙරළට ඔබ්බෙන් පිහිටි රාමේෂ්වරම් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙනවා. එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී ඇති අතර ඒවා වසර 7000 ක් පමණ පැරණි බවටයි අනාවරණය වන්නේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් ගන්නා ලද ඡායාරූප පෙලකින් පසුව පර්යේෂණයක නිරත වූ ඇමරිකානු භූ විද්‍යාඥයින් පිරිසක් මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක්ය යන නිගමනයට එළඹ තිබෙනවා. එම ස්ථානයේ තිබෙනව වැලිපරය සාමාන්‍ය වැලිපරයක් නොවන බවත් ඒවා වෙනත් ප්‍රදේශයක සිට එම ස්ථානයට ගෙන එන ලද ඒවා බවත් ඔවුන් පවසනවා.
හින්දු පුරාවෘත්තයේ එන රාමායනයට අනුව ශ්‍රී ලංකාවේ විසූ රාවණා රජු ඉන්දියාවේ සිටි රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණ තිබෙනවා. පසුව ඇය ගලවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදිකල බවයි එහි සදහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් මාට්ටු

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි අංක තහඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ...

ඉන්දීය තෙල් නළ ලංකාවේ එළන්නේ නැහැ – විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා...

Galle Marvels හිමිකරුට ඇප

මහනුවර, පල්ලෙකැලේ පැවති ලංකා ටි 10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි...

POPULAR ARTICLES