සේවා මුර අවසන් කර පිටව යන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු ආරක්ෂක අංශ මගින් අහඹු පරීක්ෂාවට ලක් කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආහාර නිවෙස් කරා රැගෙන යන බවට ලද තොරතුරුවලට අනුව මෙම පියවර ගත් බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා පවසන්නේ.
පාර්ලිමේන්තුව තුල අහාර මගින් රුපියල් කෝටි 2කට අධික මුදලක් නාස්තියට ලක් වන බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇති බවත් ඔහු පවසනවා.
නාස්තිය සහ දූෂණය වැලැක්වුවහොත් පාර්ලිමේන්තු ආහාරපාන සැපයුම මීට වඩා විධිමත් මට්ටමට ගෙන ආ හැකි බවයි ඔහු පවසන්නේ.
සේවකයන් නිවෙස්වලට රැගෙන යමින් තිබූ බස් රථයක් කලකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ඇති පොකුණට පෙරළී ග්මිය බවත් එම අවස්ථාවේදී පොකුණට වැටී පාවෙමින් තිබූ ආහාර ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය රැසක් ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබූ අතර එම ආහාර ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය එසේ හොර රහසේ රැගෙන යමින් තිබූ ඒවා බව ඒ අවස්ථාවේදී කළ සොයා බැලීම්වලදී හෙළිවූ බවත් පාර්ලිමේන්තු නිලධාරියෙක් පවසනවා.
ඉදිරියේදී මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පැමිණෙන සංඛ්‍යාව ගණනය කර ඒ අනුව ආහාර පිළියෙල කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පවසනවා.