28.7 C
Colombo
Tuesday, April 1, 2025

මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ නාමිකයන් පස්දෙනා අතරට ආචාර්ය රංග කලන්සූරියත්

- Advertisement -

2020 නොවැම්බර් 16 වන දින කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රොන්ස්වා-පිලිප් ෂැම්පේන් සහ එක්සත් රාජධානියේ රාජ්‍ය සහ විදේශ ප්‍රධාන ලේකම්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩොමිනික් රාබ් ‘කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මානයේ’ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළහ. ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඩ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන් පුද්ගලයින් සහ සංවිධාන සඳහා ගරුබුහුමන් පෑම සඳහා මෙම සම්මානය හඳුන්වා දී තිබේ.

ගෝලීය නාමයෝජනා 60 කට අධික සංඛ්‍යාවක් අතරින් ලැයිස්තුගත කර ඇති හොඳම පස්දෙනා අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලාරුස්), සෙන්ට්‍රෝ ඩි ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා
(මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා එස්කේස් මධ්‍යස්ථානය (ලෙබනනය), ආචාර්ය රංග කලන්සූරිය
(ශ්‍රී ලංකාව) සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) යන අය තේරීපත්ව ඇත.

ආචාර්ය රංග කලන්සූරිය යනු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (FoE)ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියෙකි. ඔහු දැනට ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල ප්‍රතිපත්ති උපදේශනය, පර්යේෂණ සහ ධාරිතා වර්ධනය යනාදිය අධීක්ෂණය කරන ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් (IMS) ආයතනයේ ආසියානු කලාපීය උපදේශකවරයා ලෙස කටයුතු කරයි. මීට පෙර ඔහු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙසත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇත.

RECENT ARTICLES - SINHALA

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ...

POPULAR ARTICLES

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

හෘද රෝගීන්ගේ දෛනික ඉහළ යාමක්

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව පවසනවා. කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්...