ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්රධනියා ලෙස කටයුතු කළ රංගන ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම නාලිකාවේ ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව රංගන ද සිල්වා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව News19 මීට පෙර වාර්තා කළා.
ඒ අනුව ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති නමුත් ඔහු ඉදිරිපත් කළ ජනප්රිය වැඩසටහනක් වන ‘හිත ඉල්ලන තරු’ වැඩසටහන තවදුරටත් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.
නමුත් ඊට එම නාලිකාවේ ඉහළ පාලනාධිකාරිය දක්වා ඇති ප්රතිචාරය කුමක්දැයි තවමත් වාර්තා වන්නේ නැහැ.
රංගන ද සිල්වා මහතාගේ ඉල්ලා අස්වීම පිළිබදව ජනප්රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් කිහිපයක් පහතින්,