ජනප්රිය නිවේදක රංගන ද සිල්වා එළැඹෙන සතියේ සිට සියත TV නාළිකාව සමඟ එක්වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව එහි ඉහළ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සියත නාලිකාවේ උදෑසන පත්තර වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා එළැඹෙන සතියේ සිට තීරණය වී තිබෙනවා.
මීට අමතරව තවත් එක් වැඩසටහනක්ද මෙහෙයවීම සඳහා රංගන ද සිල්වා මහතා භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රංගන ද සිල්වා මහතා මීට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්රධානියා ලෙස කටයුතු කළා.
කෙසේවෙතත් ස්වර්ණවාහිනී නාලිකාව අයත් BEN Holding ආයතනය ඔහු ඇතුළු කිහිප දෙනෙක් ඉවත් කළ බවට පුවත්පත් නිවේදනයක්ද නිකුත් කර තිබුණා.