මේ වන විට පවත්නා දැඩි ආර්ථික අර්බුදය හමුවේත් රටේ විවිධ ප්‍රදේශවල ජනතාව තමන්ට හැකි අයුරින් දන්සැල් සංවිධානය කර කුසට අහරක් නැති ජනතාවට වේලක් කන්න දීමට මෙවර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කර තිබුණා.
මෙලෙස යළිත් වරක් දන්සැල් පැවැත්වුණේ වසර ගණනාවකට පසුවවීම විශේෂත්වයක්.
ඒ 2019 පාස්කු ප්‍රහාරය හේතුවෙනුත්, 2020 හා 2021 වසරවල්වලදී ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනුත් වෙසක් උත්සව හා දන්සැල් නොපැවැත්වීම හේතුවෙන්.
මේ අතර මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් මරදාන ප්‍රදේශයේ පැවති දන්සැලකට පැමිණි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම දන්සැලේ ආහාර බෙදාදීමට එක්ව සිටියා.