වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික ව්‍යසනයක් සිදු නොකළ බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.
ඒ, පුරවැසි සංවිධාන එකමුතුව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුව අමතමින්.
රනිල් සෑම විටම උත්සහ කළේ ආර්ථිකය ගොඩගැනීම බවයි සමන් රත්නප්‍රිය පවසන්නේ.
ඒ හැම මොහොතකම, ජනතාව වැඩ වරද්දාගෙන වෙන අයට බලය දී ගොඩනැගූ ආර්ථිකය විනාශකරගත් බවත් රට ගිනිගන්නා මොහොතක මර්දනකාරී ව්‍යාපාරයකට එකඟවිය නොහැකි බවත් අරගල කරන මොහොතේ එයට සහය දෙනවා සේම දේශපාලන වෙනසක් සිදුවූ විට එයට ඉඩ දිය යුතු බවත් රත්නප්‍රිය පෙන්වා දෙනවා.
මාස එකහමාරෙන් එකහමාරට නායකයන් පත්කරගන්නා තැනට ගොස් ඩස්බින් වලට පොරකන තත්ත්වයට රට පත්කිරීමට කැමති නැති බවත් මේ මොහොතේදීත් ඇතැමුන් ජනතාවට එළියට බහින ලෙස පැවසුවද දැනටමත් රට ගොඩනැගීමට ජනතාව ජනාධිපතිවරයාට ඉඩ දී ඇති හෙයින් එම දේශපාලන කාඩරය හැර සාමන්‍ය ජනතාව පාරට නොබසින බවත් ඔහු අවධාරණය කරනවා.