හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන එතුමාට ගරු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මාධ්‍ය බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන නැවත මතු කළ සැනින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සූදානම් වන බව නාමල් මහතා පැවසුවා.
ඊයේ (15) පාර්ලිමේන්තුවේදී පැවති අය වැය කාරක සභා විවාදයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය පිලිබද විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන අය සමග ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුම් ගසා දේශපාලනය කරන විට බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන කිසිවක් සඳහන් නොකළ බවත් වර්තමානයේ ජවිපෙ ට සිය අතීත ප්‍රතිපත්ති අමතක කිරීමට සිදුව ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.