24.6 C
Colombo
Tuesday, December 24, 2024

රනිල්ට දැන් මානව හිමිකම් මතක නෑ..! – නාමල් (VIDEO)

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහට උදව් කරන්නේ දැන් ඔහු වෙනස්වූ නිසාවෙන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, ඊයේ (15) දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය, මින්නේරිය සහ පොළොන්නරුව යන ආසනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන ක්‍රියාකාරීන් ගේ හමුව අමතමින්.

රනිල් වික්‍රමසිංහ තානාපති කාර්යාල කියන දේ නොඅසන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මීට පෙර දැරූ මතය නොදරන බවත් ගෝල්ෆේස් අරගලය සුද්ද කළේ ඒ නිසාවෙන් බවත් ඔහු පවසනවා.

අද සිටින්නේ බටහිර ගැති රනිල් වික්‍රමසිංහ කෙනෙකු නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අරගලයට නායකත්වය දුන්න අය අද සිටින්නේ කොහේදැයි ප්‍රශ්න කළ නාමල් රාජපක්ෂ දමිතා අබේරත්න දැන් සිටින්නේ සමගි ජන බලවේගයේ වේදිකාවේ බවත් ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, ජගත් සමරවික්‍රම, තේනුක විදානගමගේ, සිරිපාල ගම්ලත් සහ සාගර කාරියවසම් යන පිරිස සහභාගී විය.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ ටියුෂන් තහනම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව...

ඇප දුන් කුඩු සළිදු CIDය මඟහැරලා

ඇප මත නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඇප මත නිදහස් කිරීමේදී සෑම...

අනුර ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම...

POPULAR ARTICLES

බස්නාහිර පළාතේ ටියුෂන් තහනම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව...

ෂෙයික් හසීනා ආපසු එවන්න -බංග්ලාදේශෙන් ඉන්දියාවට ලියුමක්

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන...