අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට සිරිකොතින් මුදල් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී ඊයේ (08) අදහස් දක්වමින් ජගත් විතාන මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ලබා දුන් බවයි.
මේ සම්බන්ධයෙන් තමාට සාක්ෂි ලබා දිය හැකි බවත් තොරතුරු ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළා.
“බැඳුම්කරය ගැන මම කියනවා. අපි තමයි අර අහිංසක ග්‍රාමසේවක මහත්තයාව බලයට ගේන්න කැපවුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත. සිරිකොතේ මුදල් පිරිලා තිබුණා. මම මේක අදත් පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා. අපිට සල්ලි දුන්නු කොන්දේසිය තමයි අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කළ යුතුයි කියන කොන්දේසිය. ඒකට එකඟ වෙලා මුදල් දුන්නේ. ඊට පසුව ඒ කොන්දේසිය ඉෂ්ට කළේ නැද්ද? අපිට දුන්නු මුදල් ටික ඩබල් ට්‍රිබල් කරලා ඒ මනුස්සයා ගත්තා. අදත් නෑ. ඇයි මේවා මගෙන් අහන්නේ නැත්තේ. ඇයි මේවා තොරතුරු දෙන්න අපි කැමතියි. මම මැතිවරණයට ඉස්සරත් වේදිකාවේ කිව්වා. ඒ කාලේ සියලුම සංවිධායකවරුන්ට සල්ලි එව්වා. බැඳුම්කරය කියන ලොකුම හොරකම ගැන හොයන්නේ නැත්තේ ඇයි? අපිට සල්ලි ගෙනාවේ සතාසිවම්. ඇයි මේවා අපෙන් අහන්න ගෙන්නන්නේ නැත්තේ. මේවා වගකීමෙන් කියන්නේ. මේවා ගැන යම් කමිටුවකින් හොයනවා නම් මාව ගෙන්වන්න. මම එන්නම් සාක්කි දෙන්න.”