28 C
Colombo
Tuesday, September 17, 2024

රනිල්ට අනුරගෙන් කණේ පාරක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් පැමිණෙන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයා “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳ​ව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි.

ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා:

” මෑතකදී අවස්ථා ගණනාවකදීම රනිල් වික්‍රමසිංහ කියනවා මා මිත්‍ර අනුර මගේ යාළුවා අනුර, ඔය ශේප් වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපිත් එක්ක ෂේප් වෙන්න බැහැ.මහා බැංකුවේ වංචාව පිළිබඳ පරීක්ෂණ කරනවා. රනිල් වික්‍රමසිංහ ඔයා උත්සාහ කළාට යාළුව යාළුවා කියල ශේප් වෙන්න, ඔයාගේ කාලේ බාර් ලයිසන් දීපු වීඩියෝ හොයනවා. රනිල් වික්‍රමසිංහ ඔයා යාළුවා කියලා ෂේප් වෙන්න ආවට එල් ආර් සීගේ ඉඩම් තමන්ගේ ගජ මිතුරන්ට බෙදපු විදිය හොයනවා. ඔයා මේ රටේ වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරපු විදිහත් දූෂිතයන් බේරා ගැනීමට මැදිහත් වූ විදිහත් ජාතික ජන බලවේග ආණ්ඩුව පරීක්ෂණ කරනවා.”

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...