30 C
Colombo
Wednesday, November 20, 2024

මත්පැන් බලපත්‍ර පෙත්සමට රනිල් වගඋත්තරකරුවෙක් කරලා

- Advertisement -

ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවක මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වග උත්තරකරුවන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත දෙදෙනෙකු විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

එහි වග උත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනෙකු නම්කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ දේශපාලන අරමුණෙන් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් ඒවා නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ...

ජුලම්පිටියේ අමරේට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව...

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කරන්න අනුමැතිය

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය...

POPULAR ARTICLES