24 C
Colombo
Friday, January 3, 2025

රනිල්ට එකපිට කරදර

- Advertisement -

විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබෙනවා.

අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කරනු ලැබුවා.

මෙම පෙත්සම අද (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ තිබුණා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා තම සේවාදායකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බව සඳහන් කළා.

මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බව පෙන්වා දුන් එම නීතිඥවරුන් අදාළ අතුරු නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ සිදුවී ඇති බව පෙන්වා දුන්නා.

මෙම අතුරු නියෝගය ඉවත් කරන ලෙස කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් මෙම නඩුව කඩිනමින් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්වශ්වයට නියෝග කළ අතර ඒ පිළිබඳ කරුණු විභාගය දෙසැම්බර් මස 09 වනදා සිදුකරන බවත් නියෝග කළා.

සාමාන්‍ය විදේශික ගමන් බලපත්‍ර 750,000 සහ ඊ-විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලදී ගැනීම සඳහා ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා එපික් ලංකා පුද්ගලික සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES