24 C
Colombo
Friday, November 8, 2024

රනිල්ට තව දෙන්නේ මාසයයි – මිහින්තලේ විහාරාධිපති හිමි

- Advertisement -

වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදෙන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

මිහින්තලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ජනතාව සඳහා සහන ලබාදීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

“රට කරවන ජනාධිපතිට, අගමැතිට කැබිනට් එකට කාලේ දෙන්නේ මාසයයි. රටේ ලක්ෂ 220ක් ගැන හිතපල්ලා. මේ සියලු ආගම්, සියලු ජාතීන් එකතුවෙලා උඹලට කියන්නේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මිනිස්සුන්ට සහන නොදී උඹලා දිගටම මේ රට පාලනය කරන්න යනවා නම්, අපිට වෙනවා උඹලා එලවන්න. ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් ලබනවා. පුර පසළොස්වක පෝයත් ලබනවා. ඒ වෙනකොට මහජනතාව වෙනුවෙන් ජීවත්වෙන්න අයිතිය දීපල්ලා. උඹලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මධුසමය ගතකරන්න කියලා හිතනවා නම් උඹලට වැරදිලා. මෙච්චර කල් අපෙන් වැරදීමක් වුණා. ඒක අපි නිවැරදි කරන්න තමා එක මාවතකට, එක කොඩියක්, එක නීතියක්, එක රටක් කියන එකට අපි පෙළගස්වන්නේ. පාර්ලිමේන්තුව කරන එක නායකයෙක්වත් අපිට වැඩක් නෑ.”

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES