ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම මස 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බවට වාර්තා වනවා.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිත බව සඳහන්.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසනවා.