රජය විසින් අප්‍රේල් මස වන විට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වනවා.
සිංහල-ද්‍රවිඩ අලුත් අවුරුද්දට ප්‍රථමව මෙම කාර්යය නිම වනු ඇති බවටයි පැවසෙන්නේ.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවනු ඇති බවත් පැවසෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් 5 දෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සලසනු ඇති බවත් තව දුරටත් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කිසියම් සනාථ කිරීමක් සිදු කරමින් “රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් අපේ ලොක්කා” යනුවෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.