ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකුල ක්රමවේදයන්ම යොදාගනිමින් පළාත් පාලන ඡන්දය සහ මහමැතිවරණය ගිලදමා ජනතාවගේ උත්තරීතර අයිතීන් උදුරා ගනිමින් සිටින බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා උපක්‍රමශීලී ජනාධිපතිවරණයද නොපැවැත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි.
ඒ සඳහා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ සහය ද ලබාගැනීමට ඔහු සැලසුම් කරමින් සිටින බවත්, ගැටලුව වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය සකස් කර ගැනීමේ අර්බුදය බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.