25 C
Colombo
Saturday, November 16, 2024

රනිල් මහබැංකු අධිපති පුටුවට දිනේෂ්ව යෝජනා කරයි

- Advertisement -

කමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි මහතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය වාර්තා පලවූ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් වීරක්කොඩි මහතා පවසා සිටියේ එවන් පියවරක් සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොදන්නා අතර එවැනි කිසිදු ඉල්ලීමක් ද තමන් කර නොමැති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේදී දිනේෂ් වීරක්කොඩි මහතාව සිය භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කළ අතර එය “ගරු සේවයක්” හෙවත් කිසිදු වැටුප් හෝ දීමනාවකින් තොර තනතුරක් බවත් වාර්තා විය.

එම තනතුර, හිටපු බැංකු සභාපතිවරයකු සහ තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රය තුළ වීරක්කොඩි මහතාට ඇති පෘථුල අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු සහ මහාභාණ්ඩාගාරයේ අදාළ අංශ සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරන තනතුරක් බවයි වාර්තා වූයේ.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා සහ වත්මන් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා අතර මතවාදීමය ගැටුමක් පවතින බවට වූ වාර්තාද දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කළ ද, පත්වීමෙන් නොබෝ කලක් තුලම මහබැංකු අධිපති ධූරයට වෙනත් පුද්ගලයෙකු යෝජනා කිරීම තුලින් එම ගැටුම මනාව පිළිබිඹු වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES