හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මී මැස්සෝ TV Youtube නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම සාකච්ඡාව අතරමගින් නැගිට ගොස් තිබෙනවා.
පසුගිය රජය සමයේ පොරොන්දුවූ හොරු ඇල්ලීම, පාස්කු විමර්ශන, බැදුම්කර වංචාව ඇතුළු යහපාලන රජය නොකරන ලද දෑ පිළිබදව එම නාළිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා සිදුකල ප්‍රශ්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පලකළා.
හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා නොකර පසුගිය දේ පිළිබදව සාකච්ඡා කිරීම අර්ථ ශූන්‍ය බවයි.
මේ හේතුවෙන් තවදුරටත් මෙම සාකච්ඡාවේදී නගන ප්‍රශ්නවලට පිළිතුරුදීමට තමන් සූදානම් නොමැති බව පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
ඊට අදාළ සාකච්ඡාව පහතින්,