28 C
Colombo
Tuesday, September 24, 2024

රනිල් සජිත් එකගෙයි කෑමේ සුදානමක්

- Advertisement -

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන්ට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කිරීමේ වගකීම පවරා තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇමතිකම දාලා කංචන ගෙදර ගිහින්

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා. අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර...

ජනාධිපති පෞද්ගලික ලේකම් පත්කරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්

කුඩාවැල්ල ධීවර වරායෙන් එක් දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...