විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් ඔබ වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි යනුවෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කර තිබුණා.
2019 වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරාවීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බවද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය මෙහිදී පවසා තිබීම විශේෂත්වයක්.