හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආණ්ඩු සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කළේ තමන්ව විනාශ කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාවේ” තුන්වෙනි දිනය වන ඊයේ (28) දිනයේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවෙමින් ඔහු එම අදහස් පළ කළා.
තම රජයක් යටතේ මත්තල ගුවන්තොටුපලට වර්තමානයේ අත්ව ඇති ඉරණම අත්වීමට නොදෙන බවත්, සංචාරක කර්මාන්තය මුල්කරගනිමින් මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා.
මත්තල ගුවන්තොටුපල ආශ්‍රිතව ඇති වෙළෙඳ කර්මාන්තවලටද තම රජයක් යටතේ වඩාත් දියුණු තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියා.