එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 06.31 ට යෙදෙන ශුභ මොහොතින් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂය පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.
තමා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බවටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී විශ්වාසය දිනාගැනීමට තමාට හැකියාව ඇති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.
මෙහිදී 19 වන සංශෝධනය යළිත් බලාත්මක කිරීම සහ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපතිවරයා එකඟත්වය පළකර තිබෙනවා.