31 C
Colombo
Tuesday, July 2, 2024

රනිල්ව බලයට ගෙනාවේ රටේ ප්‍රශ්න ටික විසඳගන්න – තිස්සකුට්ටි

- Advertisement -

එළබෙන ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම  ඉදිරිපත් කරන බව එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනය අමතමින් ඊයේ (29) තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළා.

තිස්සකුට්ටිආරච්චි මහතා මෙහිදී පවසා සිටියේ  රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ආවේ එම අවස්ථාවේදී රටේ පැවැති ගැටලු විසඳා ගැනීමට බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා නොමැතිව රෝහිත අබේගුණවර්ධන සිටියත්, කාංචන ෂෙහාන් වැනි ඇමතිවරුන් නිවැරදිව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනු ඇති බව තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා,

“පෝලිම නතර කළා කියලවත් දෙකයි පනහට කන්න දුන්නා කියලවත් කිරිපිටි පැකට් එකේ මිල අඩු කළා කියලවත් මිනී මැරුවා කියලවත් නායකයන් පත් කරන්න බැහැ.

“නාමල් ගේන්න හදන විට ඒකා තවම ලපටි වැඩියි කියනවා. මම දන්නෙ නැහැ මේකේ කොහෙන්ද ලපටි කියලා”

RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක...

පාසල් වෑන් රථ ගාස්තු ගැනත් තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා. පවතින ආර්ථික තත්ත්වය...

ඉන්දියාවෙන් යාපනයට වතුර

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙනවා. වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...