26 C
Colombo
Thursday, January 2, 2025

ප්‍රසිද්ධියේ මැතිවරණ නීති කඩන රනිල්

- Advertisement -

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පසුගිය 30 වනදා පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුවේදී මැතිවරණ නීති උල්ලංඝණය වීමක් සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මහරගම පොලිසිය වෙත පැමිණිල්ල ද ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව, මෙහිදී මැතිවරණ නීති උල්ලංඝණය වීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

අදාළ සමුළුවට දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියන් සහ නිලධාරින් සහභාගි වූ අතර, ඔවුන්ට සූදානම් කර තිබූ දිවා ආහාරය ලබා දීම තහනම් කිරීමට මැතිවරණ නිලධාරීන් මැදිහත් වී පියවර ගෙන තිබුණා.

කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ,ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එහිදී මැතිවරණ නීති උල්ලංගණය වන අන්දමින් අදහස් පළ කර ඇති බවයි.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේ, එහිදී රාජ්‍ය දේපළ භාවිතා කරමින් තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩාමය ද සමුළුවට යොදා ගෙන මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කාලයක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර...

POPULAR ARTICLES