එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ ජුනි මස 22 වැනිදා වන අතර මෙහිදී ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අසලින් අසුන් ගැනීමට සිදුවනු ඇත.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙන් කර ඇති විපක්ෂයේ අසුන් අංකය 16 වන අතර ඒ අසලින් ඇති අංක 15 අසුන හිමිව ඇත්තේ අනුර දිසානායක මහතා හටයි.
1993 සිට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ හා විපක්ෂනායකවරයා වෙනුවෙන් වෙන් කර ඇති ආසනයේ පමණක් වුවද මෙවර එම තත්වයේ වෙනසක් සිදුව ඇත.