30 C
Colombo
Tuesday, September 10, 2024

ගෝලයෝ දෙන්නට වෙච්ච වැඩෙන්ම රනිල්ගේ පරාජය ස්ථිරයි – වසන්ත යාපා

- Advertisement -

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම සගයන් දෙදෙනා පාර්ලිමේන්තුවෙන් නෙරපීමෙන් රනිල් වික්‍රමසිංහගේ පරාජය ස්ථිර බව තහවුරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (09) පස්වරුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවුණ ජනාධිපතිවරු මැතිවරණවලට ඉදිරිපත් වුයේ එක්සත් ජාතික පක්ෂ ලකුණින් සහ පක්ෂයේ නමින් නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වවූ පසු එක්සත් ජාතික පක්ෂයේ ලකුණින් ජනාධිපති අපෙක්ෂයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කළ මන්ත්‍රීවරයා,

” ‌ස්මාර්ට් ශ්‍රී ලංකා කියන සංකල්පය ජනතාව අතරට ගෙනයමින් හරින් ප්‍රනාන්දු සිදු කළ යම් යම් ගනුදෙනු පිළිබඳව අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරලා තිබෙනවා. සංගීත සංදර්ශනය පවත්වමින් තරුණයන්ගේ සැබැ ප්‍රශ්න යට ගැසීමට හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම කටයුතු කළා. තරුණ සේවා සභාවේ වාර්ෂික සැලැස්මේ නැති සංගීත සංර්දර්ශන වලට රටේ මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කළා. ඒ වගේම රටේ තරුණ තරුණියන්ට විදේශ රැකියා ලබාදෙන බව පවසා මහජන මුදල් රාශියක් විවිධ අනවශ්‍ය වැඩසටහන් සඳහා යෙදවීම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය භාර ඇමැති මනුෂ නානායක්කාර කටයුතු කරලා තිබෙනවා. මනුෂ නානායක්කාර ඇමැතිවරයාව සිටි කාලයේ තරුණ ප්‍රජාව විදේශ ගතවුණේ කෙසේද කියලා විගණනයක් කරන්න සිදු වෙනවා. තරුණ ප්‍රජාව විදේශ ගතවුණේ කැමැත්තෙන්ද, නැතිනම් ආණ්ඩුවේ බලපෑම නිසාද එසේ නැතිනම් මෙලෙස විදේශ ගතවුණේ ආණ්ඩුවේ තැරැව්කරුවන්ද කියන එක පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබෙනවා. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ නාස්තිකාර වියදම් රැසක් සිදුවෙලා තිබෙනවා. හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඇමැතිධුරවලින් ඉවත් වීම නිසා රටට විශාල මුදලක් ඉතිරි වෙනවා. තවදුරටත් මොවුන් මෙම ඇමැතිධූරවල කටයුතු කළා නම් මෙරටේ දේපළ ජනතා මුදල් තවදුරටත් කබාසිනියා කරනවා යැයි මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට

ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා. ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන්...

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික...

බලශක්ති නියාමනයට අලුත් ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව...