26.9 C
Colombo
Friday, March 14, 2025

රන්ජන් අසනීපයෙන් – මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහුව නිදහස් කරන්න !

- Advertisement -

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, විපක්ෂ නායකවරයා අද (26) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධානාගාරයට පැමිණ රන්ජන් රාමනායක මහතා මහුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රන්ජන් රාමනායක මහතා මේ වන විටත් කොඳුනාරටිය සහ දණහිසේ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එහිදී ඔහු පවසා සිටියා.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යළිත් අවධාරණය කළේ ය.
විපක්ෂ නායකවරයා අද (26) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධානාගාරයට පැමිණ අධිකරණයට අපහාස කළා යැයි චෝදනා මත සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හමුවිය.

මෙතුමට මීට වාඩා විධිමත් ප්‍රතිකාරයක් කරන්නට පුළුවන් එතුමා කොළඹ ප්‍රදේශයේ වැලිකඩ බන්ධනාගාරය කරා එතුමාව මාරු කරනවා නම් මම හිතනවා ඒක සිදුවිය යුතු දෙයක්. අපි ඉල්ලීමක් කරලා තියෙනවා. අධීකරණ අමාත්‍යතුමාගෙන් මානුෂීය සහ සෞඛ්‍ය හේතුන් මත එතුමාට මේ මාරුවීම ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සිටින කාල සීමාව තුළ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා උපාධියක් ලබා ගන්න. එතුමාව වැළිකඩ බන්ධනාගාරයට මාරුකර යැව්වොත් එතුමාට පුළුවන් වෙනවා ඒ කටයුතු කර ගන්න.

රාජ්‍ය මුදල් අවභාවිතා කරලා නෑ ,මූල්‍ය වංචා කරලා නෑ.එතුමාගේ පෞද්ගලික සම්පත් පවා පොදු ජනතාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. නැවතත් බලාපොරෝත්තු වෙනවා ගරු ජනාධීපතිතුමා මනුෂ්‍යත්වයේ නාමයෙන්, රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්නට කටයුතු කරයි කියලා”

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...