24 C
Colombo
Thursday, December 26, 2024

සත පහක් දුන්නෙ නෑ, දැන් ඉස්සරහට එනවා..! – රන්ජනි ජයකොඩි

- Advertisement -

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීමට කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඔවුන්ගේ ඉදිරියෙන් ඡායාරූප වලට පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හට සමාජ මාධ්‍ය තුළින් දැඩි විරෝධයක් එල්ල විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල් පන්දු හිටපු සභාපතිනි රන්ජනි ජයකොඩි පවසන්නේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් කිසිවක් නොකළ අයෙක් මෙලෙස ඡායාරූප වලට පෙනී සිටීමට පැමිණ ඇති බවයි.

ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වන ඇඳුම්, නවාතැන් පහසුකම් යනාදිය සම්බන්ධව කොතෙක් ඉල්ලීම් කළද ඒ සම්බන්ධව කිසිවක් නොකළ බවත් ගුවන් ටිකට්පත පමණක් ලබාදීම නිසා අනෙකුත් වියදම් සපයා ගැනීමට ඉතාමත් දුෂ්කර වූ බවත් සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඇය පවසනවා.

රන්ජනි ජයකොඩි පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ලෙසත් කලක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙසත්, සබරගමුව පළාත් සභාවේ ලේකම්වරිය ලෙසත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අටක් රෝහලට යැවු නත්තල් පාටිය

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනකු...

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, 40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ...

රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික...

POPULAR ARTICLES