25.7 C
Colombo
Monday, December 16, 2024

මී උණ වැළඳීමෙන් මිය ගිය ගණන ඉහළට

- Advertisement -

මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, මේ වන විට 39 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඉන් රෝගීන් 28 දෙනෙකු පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සෙසු රෝගීන් 11 දෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙඩ්ඩි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මී උණ රෝගීන් වාර්තා වන බවයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් දොළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

දෙසැම්බර් මාසයේ මුල් දින 15 තුළ පමණක් මී උණ රෝගීන් 85 දෙනෙකු වාර්තා වුණා.

සමස්ත මරණ සංඛ්‍යාව, 200 ක් පමණ වනවා.

RECENT ARTICLES - SINHALA

ගාලු පෝර්ට් සිටි ව්‍යාපෘති සැලැස්ම අපි පිළිගන්නේ නැහැ – රත්න ගමනේ

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ජලජ සහ...

බලාපොරොත්තු වුණ සංචාරකයින් ගාන තාම නැහැ

එළඹෙන දෙසැම්බර් 31 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරකයින් 426,479 දෙනෙකු අඩු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන...

විදුලි සැර වැදී තරුණයෙක් මරුට

මැල්සිරිපුර - දිද්දෙණිය ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයෙක් මියගොස් තිබෙනවා. පාළු ඉඩමකට අනාරක්ෂිතව විදුලිය ලබාගැනීම සඳහා ඇද තිබූ කම්බියක ගැටී මෙම තරුණයා මියගොස් ඇති...

POPULAR ARTICLES