රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 23 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් 20 දින එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණවලදී අදාල සේවකයන් ආසාදිතයන් බව හදුනාගෙන ඇත.
කෙසේ වෙතත් ඔවුන්ව මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කර ඇති අතර , ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිස් එම ගබඩා සංකීර්ණය තුලම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමු කරන බව වාර්තා වේ.