31 C
Colombo
Thursday, November 7, 2024

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

- Advertisement -

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනුණා.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වනදා රත්වත්තේ මහතාව කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අනුව රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියට වට්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියකට අනුව පසුගිය 4 වනදා ඇය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇයව ද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව සැකකාර රත්වත්තේ යුවළ අද පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්

රටේ ජනතාව දරුණු ආහාර අර්බුදයකින් පෙළෙන අවස්ථාවක, නව රජය බලයට පත් වී අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීමේදී ත්‍රීපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් ඉදිරිපත් කර තිබෙනව...

ඡන්ද නීතී කඩ කළ අපේක්ෂකයින් 9කට වැඩ වරදියි

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් මුලු ආධාරකරුවන් සංඛ්‍යව 325 ක්. මැතිවරණ නීති උල්ලංඝණය...

පාස්පෝට් ප්‍රශ්නෙ ගැන ජනපතිට බොරු තොරතුරු දීලා – ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...