29 C
Colombo
Friday, March 14, 2025

නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති ඉදිරිපත් වනවා-රවී කරුණානායක

- Advertisement -

ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද කරුණානායක මහතා මෙහිදි පවසා සිටියා.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ටද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

මූතූර්හි ද්විත්ව ඝාතනයට මිණිබිරිය අත්අඩංගුවට

මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට...