මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එ් අනුව එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතයි.
ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ සිදු වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ආදායම් බදු ඉහළ නංවාගැනීම මෙහි එක් ප්‍රධාන අරමුණක් බවයි සඳහන් වන්නේ.
විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන බව සඳහන් .