ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බවත්, ඒ සඳහා මේ වන විට සූදානම්ව පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්රී තිසකුට්ටි ආරච්චි මහතා පවසනවා.
අපේක්ෂකයින් අතුරින් වඩාත්ම සුදුසු අපේක්ෂයා මෙන්ම අප රටට හිතකාමී අපේක්ෂකයා ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බවද ඔහු එහිදී සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
“නාමල් ඇමතිතුමා කිව්වා එන්නේ මොන මැතිවරණයද පක්ෂයක් විදිහට අපි සූදානම්. හැමදාම එහෙමයි අපි. රාජපක්ෂවරුන් සමඟ හිටගන්න අපි එන්නේ මොන මැතිවරණය්ද, එන ඕනම මැතිවරණයකට අපි සූදානම්. ප්රාදේශිය සභා, පළාත් පාලන මැතිවරණ ඉස්සෙල්ලාම නාම යෝජනා දුන්නේත් අපේ පක්ෂේ.”