28 C
Colombo
Wednesday, November 6, 2024

සමේ පිළිකා වැඩිවීමට හේතුව

- Advertisement -

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසනවා.

අද (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය,

“ඕන කෙනෙක්ට තමන්ගේ සම ලස්සනට තියාගන්නම්…. කළ යුතු පළමු දේ තමයි ඔබේ සමේ මොකක් හෝ රෝග තත්ත්වයක් තිබේ නම් ඒ රෝග තත්ත්වයට ප්‍රතිකාර කරගත යුතුයි. උදාහරණයක් විදියට කුරුලෑවගේ දෙයක් තියෙනවා නම්, මහත නිසා බෙල්ල කළු වෙනවා නම් බල්ල කළු වෙන එක සූරලා මොනවා හරි ගාලා හරියන්නේ නැහැ. මහත් වෙන්න හේතුව බලලා ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ. නැතුව බෙල්ලට මොනවා හරි ගාල හරියන්නේ නැහැ.අනිවාර්යෙන් සමේ රෝගයක් තියෙනවා නම් අදාළ රෝගයට නියම අවස්ථාවේ ප්‍රතිකාර අරගන්න ඕනේ. වියළි සමක් තියෙන අය ඉන්නවා නම් ඒ අය වියළි සම අඩුවෙන්න ‍Moisturizers Cream ගාන්න ඕනේ. නෑමෙන් විනාඩි 05ක් ඇතුළත ඒ ‍Moisturizers Cream එක ගාන්න ඕනේ.

ඊට අමතරව අපේ රටේ තියෙන එළවළු, පළතුරු ඒවාගේ හොඳ ප්‍රතිඵල තියෙනවා. සමබල ආහාර වේලක් කියන්නේ ඉතාම වැදගත් සම හොඳට තියාගන්න. ඒ කියන්නේ හොඳට පළතුරු සහ එළවළු ගන්න ඕනේ. ඇත්තටම අව්වෙන් ආරක්ෂා වෙනවා නම් ඇත්තටම කළු වෙන එක අඩුවෙනවා එහෙම කියලා දවසට පැය 06ක් ක්‍රීඩා කරන ළමයෙකුට සම සුදුවෙන්න ක්‍රීම් ගාල වැඩක් නැහැ. මොකද එයාගේ සම බාගෙට සුදු කරලා ඊළඟට අව්වට නිරාවරණය වීමෙන් වෙන හානිය ඊට වඩා වැඩියි.sun block cream ගාලා තද අව්වට ගිහින් ක්‍රීඩාවක් කළොත්, අපේ රටේ තියෙන අව් රශ්මිය හැටියට ඒ sun block එකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ. හැබැයි අව්වට සමේ රෑෂ් එකක් එනවා නම්, සමහර අභ්‍යන්තර රෝගී තත්ත්වයන් එනවා, සමහර ඖෂධ පාවිච්කරන අය ඉන්නවා ඒ වගේ අය සම අව්වෙන් පරිස්සම් කරගන්න ඕනේ. ඒ අය sun block පාවිච්චි කරන්න ඕනේ, Moisturizers Cream පාවිච්චි කරන්න ඕනේ. නියමිත ආහාරයක් ගන්න ඕනේ.

අනිත් එක තමයි කොන්ඩේ…. අපි එක පාරට Diet control ගියොත්, ඒ කියන්නේ එක පාරට කිලෝ 05ක් 06ක් අඩු කරගන්න යනවා එතකොට කොන්ඩෙත් බාගෙට අඩුවෙනවා. අපි ක්‍රමාණුකූලව තමයි බර අඩුකරගන්න ඕනේ. එක පාරට අපි බර අඩුකරන්න ගියොත් අනිවාර්යෙන් අපේ හෙයාර් ලොස් එක නොවැළැක්විය හැකියි.ඒ වගේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර අරගෙන, පෝෂණය තියෙන ආහාර අරගෙන Moisturizers Cream පාවිච්චි කරලා, සුදුසු වෙලාවට sun block පාවිච්ච කරලා අපි හැමෝට හොඳ සමක් තියාගන්න පුළුවන්. සමේ පාට නෙමෙයි වැදගත් සම කොච්චර නිරෝගිද කියන එක තමයි වැදගත්. අපිට කොච්චර සුදු සමක් තිබුණත් වැඩක් නැහැ අපි රෝගීනම්.

ගොඩක් Glutathione ගාලා සුදු වෙන අයට එළියට ගිය ගමන්ම Sun damage වැඩියි. ඒ අයට ලංකාව වගේ අව්ව ගොඩක් තියෙන රටක සමේ පිළිකා වැඩියි. ස්වභාවධර්මයෙන් අපිට තද සමක් ලැබිලා තියෙන්නේ ආසියානුකරයේ අයට මේ අව්ව තියෙන පරිසරයේ අපිට පිළිකා අඩුකරලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒක තමයි අවුව තියෙන රටවල ජීවත් වෙන අයගේ ස්වභාවයෙන් dark සම තියෙන්නේ. ඒක නැති කර ගත්තාම එකේ අහිතකර ප්‍රතිඵල අපිට ලැබෙනවා.

දැනට සමේ පිළිකා කියන එකේ ඇතිවෙන ප්‍රමාණය පසුගිය අවුරුදු කිහිපය ඇතුළත සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවීමක් තියෙනවා. අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයක් දුරට අපි ගාන ආලේපනවලින් එන ඒවා ඒකට හේතුවෙනවා කියලා. නමුත් නියම ප්‍රතිඵලය අපිට බලාගන්න පුළුවන් තව ටිකක් කල් ගියාම.”

RECENT ARTICLES - SINHALA

චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆිගෙන් සැර පිළිතුරක්

පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බව වෛද්‍ය සාෆි සහබ්දී මහතා පවසනවා. කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව...

අඩු ආදායම් ලාභීන්ට චීන උදව්වෙන් ගෙවල්

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර...

හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දිර්ඝ කරලා

තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...