29 C
Colombo
Thursday, April 24, 2025

මාර්තු මාසයේ ලංකාවට වාර්තාගත ඩොලර් ප්‍රමාණයක්

- Advertisement -

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා .

මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක් .

මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් .

මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයක් .

2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණයයි .

කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 දෙසැම්බර් වකවානුව තුළ දී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිටි බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණු නිසා, ඔවුන් එකවර ලද මුදල් (Terminal benefits) විශාල වශයෙන් මෙරටට ප්‍රේෂණය කිරීම හේතුවෙන් එම මාසයේ මාසයේ දී, ශ්‍රී ලංකාව ලද ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණා .

ඉන්පසු මාසයේ, එනම් 2021 ජනවාරි මාසයේ වාර්තා වී තිබුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 675.3ක් .

2024 සමස්ත වර්ෂය තුළ දී ඩොලර් මිලියන 6,575.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක්, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවයි සඳහන් වන්නේ .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තා ඇසුරින් මෙම දත්ත වාර්තා ලබාගෙන තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

‘පට්ටපල් කෙබර කෙලින’ අය ආණ්ඩුව බොරු කියනවලු – ටිල්වින්

ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට...

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශයත් අත්හිටුවලා

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා...

‘පට්ටපල් කෙබර කෙලින’ අය ආණ්ඩුව බොරු කියනවලු – ටිල්වින්

ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට...