කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලට යොමුවූ අවස්ථාවේ පටන් තමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරනවා.
එමෙන්ම තමන් දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවට වන ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍යවල පලකල පුද්ගලයන් හටද තමන් අනුකම්පා කරන බවද ඒ මහතා සදහන් කළා.
තවත් සති දෙකක පමණ කාලයක් නිවසටවී විවේක ගැනීමෙන් අනතුරුව තම රාජකාරී කටයුතු නැවතත් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.