රාජකාරී සඳහා වාර්තා නොකල බන්ධනාගාර නිළධාරීන් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
අදාල තීරණය ගෙන ඇත්තේ සියළුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු නිවාඩු ලබා සිටින සියළු නිලධාරීන් නොවැම්බර් 09 වන සඳුදා උදෑසන අටට පෙර සිය සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණද එම නියෝගය නොසලකා නිළධාරීන් පිරිසක් කටයුතු කර ඇති නිසාය.