26 C
Colombo
Saturday, November 23, 2024

කාලගුණයෙන් රතු නිවේදනයක්

- Advertisement -

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25 දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනු ඇති බවයි.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා .

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග:

නොවැම්බර් 24 දින සිට නැවත දැනුම් දෙන තුරු මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ගොඩබිම ප්‍රදේශය සදහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග:

නොවැම්බර් 24 සිට නොවැම්බර් 26 දක්වා ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පතන්න.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

POPULAR ARTICLES