30 C
Colombo
Sunday, July 7, 2024

රත්නපුර නගරය අඳුරු වෙයිද?

- Advertisement -

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

නගර සභා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ රත්නපුර මහ නගර සභාවට වීදී ලාම්පු සදහා රුපියල් ලක්ෂ 38 ක විදුලි බිලක් මාසිකව ලැබෙන අතර හිඟ බිල්පත් ගෙවෙන ලෙස මෙවර ව්දුලි බිල් පත සමඟ නිවේදනය ඒවා ඇති බවයි.

රත්නපුර මහා නගර සභාව මෙන්ම බලන්ගොඩ ,ඇබිළිපිටිය නගර සභා ද සෙසු පළාත් පාලන ආයතනද මෙම ගැටලුවට මුහුණ දි ඇති අතර පළාත් පාලන ආයතන වලට මෙම මුදල් ගෙවිමට හැකියාවක් නැති බැවින්  වීදි ලාම්පු වල විදුලිය ව්සන්ධි නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ව්දුලි බල මණ්ඩලයට දැනුම් දුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පවසා තිබෙනවා.

විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවත් විදුලි  පහන් මගින් සිදු වන්නේ ජනතාවට සේවයක් බවයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතන වලට කිසිදු ආදායමක් නැති අතර සමහර පළාත් පාලන ආයතන වලට මෙතරම් ව්ශාල මුදලක් ගෙවිමේ හැකියාවක් නොමැති බවද ඔහු සදහන් කළා.

රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අරුණ උපුල් මහතා පැවසුවේ ව්දුලි බිල්පත් සමඟ දැනට මාස තුනක පමණ සිට ව්සන්ධි කිරිමේ නිවේදන ලැබෙන බවයි.

රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ  වීදි ව්දුලි පහන් අටදහස් ගණනක් ඇතැයි ද රත්නපුර නගරයේ විදී ලාම්පු හත්සිය  පහක් (705) ව්දුලි බල මණ්ඩලය ව්සින් නඩත්තු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

තැපැල් සේවකයින් දැඩි තීරණයක

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය...

පොහොර සහනාධාරය හොරට අරගෙන

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර...

ජයසූරියට ක්‍රිකට්වල ලොකු තනතුරක්

ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා ස්ථිර පුහුණුකරුවෙකු පත්කරගන්නා තෙක් වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ගැනීමට තීරණය කර...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...