28.4 C
Colombo
Tuesday, October 22, 2024

අලුත් වුණ විදෙස් ගමන් බලපත

- Advertisement -

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ (21) සිට පියවර ගෙන තිබෙනවා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තයි.

එමෙන්ම පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත අතර නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයයි.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විත වනවා.

යාපනය නල්ලූර් කෝවිල, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්‍රී දළදා මාලිගාව, කොළඹ නෙළුම් කුළුණ, , පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතයි.

RECENT ARTICLES - SINHALA

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට මෙරටින් නියෝජිතයින් යවන්න අනුමැතිය

සැමෝවාහි අපියාහි දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...