27.9 C
Colombo
Saturday, April 5, 2025

තර්ජන තියෙන බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩ බලන පොලිස්පතිට

- Advertisement -

තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා වෙත භාර දී තිබෙනවා.

එම වාර්තාව බුද්ධි අංශ වෙතද යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ තර්ජන පවතින නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කළ බවයි.

කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවලට අනුයුක්ත බන්ධනාගාර නිලධාරීන් ජීවිත තර්ජනවලට මුහුණ දී ඇති අතර මේ පිළිබඳ සලකා බලා අදාළ වාර්තාව ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් තර්ජන පවතින නිලධාරීන් සංඛ්‍යාත්මකව හඳුනාගෙන නොමැති බව සඳහන් වනවා.

අක්මීමන තලගහ ප්‍රදේශයේදී හිටපු බන්ධනාගාර නිලධාරීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියා.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මේ වන විටත් ගිනි අවිද නිකුත් කර තිබෙනවා.

දීර්ඝ කාලයක සිට බන්ධනාගාර නිලධාරීන් විවිධ ජීවිත තර්ජනවලට මුහුණ දෙමින් සිටින අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන් රඳවා සිටින නිලධාරීන්ගේ ජීවිත තර්ජන ඉහළ මට්ටමක පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ අනුව එහිදී බලශක්ති...

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

කොළඹදී අද (05) සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ , පෙරටුගාමී...

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත...

POPULAR ARTICLES