නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ දැයි මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයිිිි.
නිවෙස්වල දී මියයන පුද්ගලයින්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම දේහයන්වලට පීසීආර් පරික්ෂණ සිදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයේ ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇති බව අලුත්ගේ මහතා පවසයි.
නිවෙස්වලදී මියයන අයගේ පීසීආර් පරීක්‍ෂණ කළ යුතු ආකාරය, එය රෝහලක් කරා ප්‍රවාහනය කරන්නේ කෙසේද, පී.සී.ආර් පරීක්‍ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගන්නේ කොහේද, ගෙනයා යුත්තේ කුමන රෝහලටද, පීසීආර් පරීක්ෂණ සිදු කළ පසුව එහි ප්‍රතිඵල එන තුරු මෘත දේහය තබාගන්නේ කෙසේද ආදී වශයෙන් ප්‍රායෝගික ගැටළු ගණනාවක් මේ වන විට මතුවී ඇති බැවින් ඒ් සදහා මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද පවසයි.