31 C
Colombo
Saturday, October 5, 2024

විදෙස් නෞකාවලට මෙරට පර්යේෂණ කටයුතු අත්හිටුවයි

- Advertisement -

විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබාදීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේ, ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇති බවයි.

නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දී තිබුණා.

විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මෙම තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම්ලෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවයි.

මේ අතර, ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ෂියෑන් යැන්ග් හොන්ග් 3 නෞකාවට අවසර ලබා නොදෙන ලෙසද ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking : සුරේෂ් සලේ ඉවතට

0
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා එම...

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...