අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව අලුත් පියාපත් සංවිධානය පවසනවා.
අද (140 පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ අධිකරණය තීන්දුවකින් වැරදිකරු වූ අය පවා පාර්ලිමේන්තු යැවූ දේශපාලන සංස්කෘතියක් තිබූ රටක මන්ත්‍රීවරුන්ගේ උපාධිය ප්‍රශ්න කරන තරමට පුරවැසි මනස දියුණු වීම ගැන සතුටු වන බවයි.
පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර ජනතාව සමග සම්මුතියකින් කටයුතු කිරීමේ ආණ්ඩුවේ ප්‍රවේශය ඉතා අගය කර සිටින බවත් මාස කිහිපයකට පෙර අප පසු කර පැමිණියේ කල් ඉකුත් වු බෙහෙත් ගෙන්වූ දේශපාලකයින් රජ කළ දේශපාලන ක්‍රමයක් පැවති රටක් බව අමතක කළ යුතු නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.