රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්රාමික යුද හමුදා බලලත් නිලධාරිවරයෙකු ඊයේ (01)සවස අත්ඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගර්ගා නගරය තල්ගස්ගොඩ මීගම ප්රදේශයේ පදිංචි 50 පුද්ගලයක්.
යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරීවරයෙකු ගජමුතු තොගයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම බේරුවල මරදාන ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ගජමුතු හතර පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.