28 C
Colombo
Saturday, January 4, 2025

සේවය හැර ගිය නිලධාරීන්ට වැඩිපුර ගෙවලා

- Advertisement -

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

එම මුදල් කාලයක් තිස්සේ අය කර ගැනීමට අපොහොසත්ව තිබූ බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර මියගිය සහ විශ්‍රාම ගිය සේවකයන්56 දෙනෙකුගෙන් 37 දෙනෙකුට රුපියල් ලක්ෂ 11කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙලෙස වැඩිපුර මුදල් ගෙවා තිබුණේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වායි.

මේ අතර මාන් කේන්ති කජු ව්‍යාපෘතියේ කජුගස් 8787 ඇති බව සඳහන් වුවද දැනට පවතින්නේ කජු ගස් 3682 ක් වීම හේතුවෙන් කජු ගස් 5105ක ඌණතාවයක් පැවතුණ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වෙනවා.

කජු වගාව සඳහා භාවිතා කරන මොස්පිලාන් පැකට් 2930ක් තාවකාලික ගබඩාවේ අනාරක්ෂිතව ගබඩා කිරීම හේතුවෙන් එම පැකට් සියල්ල කල් ඉකුත් වීමෙන් රජයට ලක්ෂ 31ක පමණ පාඩුවක් සිදුව ඇතැයි විගණන අංශ පවසනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

RECENT ARTICLES - SINHALA

මහින්දගේ ආරක්ෂාවට 30ක් හිටියම ඇති – ෆොන්සේකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිස්දෙනෙකුගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය නුංගම්ගොඩ පිහිටි...

“ක්ලීන් ශ්‍රී ලංකා” ගැන බොරු වීඩියෝවක්

ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි' ලෙස 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ...

පොලීසියේදී ගිනි අවියක් පත්තු වී කොස්තාපල්වරියක් රෝහලේ

පොලිස් ස්ථානයකදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා. මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව...

POPULAR ARTICLES