පරීක්ෂා කිරීමකින් තොරව පසුගිය දා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් තුන්සිය විසි තුන ආණ්ඩුකාරවරයකුට අයිති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
මෙම කන්ටේනර් රතු ලැයිස්තුවට අයිති යැයිද ඒ ආකාරයට ගජ මිතුරන්ට සහන දීම දූෂණ විරෝධී යැයි පවසන මෙම ආණ්ඩුවකට කළ හැකි ද යන්න ප්‍රශ්නයක් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.
එම කන්ටේනර් පිටවීමේ වගකීම නියෝජ්‍ය අමාත්‍යවරයා භාරගන්නා බවට පැවැසුව ද වරායේ කන්ටේනර් පරීක්ෂා කිරීමට අමාත්‍යවරයෙකුට බලතල කොහෙන්දැයි විමල් වීරවංශ ප්‍රශ්න කර සිටිනවා.
මෙම කන්ටේනර් තුළ නීති විරෝධී ද්‍රව්‍ය ඇති බවට තමා සැක කරන බව ද මෙම සිද්ධිය නීතිය අවභාවිත කිරීමක් බව ද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියා.
පරණ ෆයිල් ඇදීම දැන් ක්‍රීඩාවක් වී ඇතැයිද මීට කලිනුත් යහපාලන ආණ්ඩු සමයේ මෙම ක්‍රීඩාව සිදුවූ බවද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා