ජනාධිපතිවරයා කිසිසේත් ඉලා අස්නොවන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙවන වරටත් අද (07) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
ඒ, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.
ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අරමුණ සමග හැප්පීමට තමන් සූදානම් බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ.
ජනාධිපතිවරයාට ජනවරමක් ලැබී ඇති බැවින් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කිරීමට සූදානම් නොමැති බවයි ඔහු පවසන්නේ.
විප්ලවවාදීන්ට ඉඩ දිය නොහැකි බවත් මෙවැනි තත්ව වලට ඔවුන් මීට පෙර මුහුණ දී ඇති බවත් ඔහු අවධාරණය කරනවා.